හදිසි අනතුරකින් ඔත්පලව සිටින අයකුගේ බිරියට බැල්ම හෙලා සිටින අනංගයකු ඇයට නියමිත ස්ථානයකදී හමුවන ලෙස දන්වා යවා ඇත. ඇය මේ බව මවටත් සොහොයුරාටත් දැන්වීම නිසා ඔවුන් ඒ බව අනංගයාගේ විවාහක බිරියට හෙළිදරව් කොට තිබේ.
ඇය තම සැමියා සඳහන් කර ඇති ස්ථානයට කල් ඇතිව ගොස් සැඟවී සිටියාය. මද වේලාවකින් අනංගයා රැුවුල කපා කොණ්ඩය ඩයි කොට සුවඳ දියර ද ගල්වාගෙන එම ස්ථානයට පැමිණියේ බලාපොරොත්තු ඉටුවේ යයි රාහු කාලය ද බලා මරු සිටින දිසාවට ද පිටුපාමිනි. ඔහු ඈතටම නියමිත ස්ථානයේ කවුදෝ සිටිනවා දුටුවෙන් හනි හනික එහි පැමිණියේය. කරුමයකි. එතැන සිටියේ ඔහුගේම බිරියය.
කරකියා ගත හැකි කිසිත් නොවූ අනංගයා බිරිය සමඟ ගෙදර ගියේ පැතුම් බිඳී පේ‍්‍රමාලෝකය නිවීයාමෙනි. අනංගයාගේ රහස ඔහුගේ බිරියට කීවා යයි ඔහු ආබාධිතයාගේ බිරියට තර්ජන, අපහාස කරන බවට ඇය දිවුලපිටිය පොලිසියට පැමිණිලි කොට ඇත. දිවුලපිටිය පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරයි.

