එළකිරි වෙනුවට ‘ගොන් කිරි’ සොයා අමාරුවේ වැටිලා



මිතුරන් කළ විහිළුවක් නිසා කිරි එළදෙනකගෙන් යැයි සිතා ගොනකුගෙන් කිරි ගැනීමට ගොස් ගොනා පයින් ගැසීමෙන් ගව හිමියාට තුවාල සිදුවීමේ පුවතක්  මොරගොල්ලාගම අවට ගම්මානයකින් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


 උදේට තණ කෑමට රැගෙන යන ගවයින් හවසට ගෙනැවිත් නියමිත ස්ථානවල කණුවල ගැට ගසා නිවසට ගොස් පසුදින එළිය වැටීමට පෙර කළුවරේම පැමිණ කිරි ගැනීමට ගව හිමියා පුරුදු වී සිටී. 


ඔහු ඉකුත් සතියේ දිනයකද උදේම එලෙස කිරි ගැනීමට ගියේය. 


සුපුරුදු කණුවේ ගැට ගසා ගිය කිරි එළදෙන නිදාගෙන සිටි නිසා නැගිට්ටවා ඒ අසල වාඩිවී රැුගෙන ගිය උණුවතුරින් තණ බුරුළ සේදීමට සූදානම් වූවා පමණි. 


ගවයා දුන් පා පහර ගව හිමියාගේ උරහිස ප‍්‍රදේශයට වැදීමෙන් ඔහු දැඩි වේදනාවට පත්ව ඇත.


කිරි ගැනීම පසෙක තබා වේදනාව අතරේ පසුවූ ඔහු නිවසට ගොස් එළිය වැටුනාට පසුව කීකරු එළදෙන පයින් ගැසුවේ ඇයි දැයි සොයා බැලීමට පැමිණ තිබේ.


තමා ගැට ගසා ගිය කණුවේ එම කිරි එළදෙන වෙනුවට එම පට්ටියේ සිටි ඒ හා සමානම ගොනකු ගෙනැවිත් ගැට ගසා කිරි එළදෙන මාරුකර ඇති බවත් කළුවරේ පුරුද්දට මෙන් පැමිණ කිරි ගැනීමට සූදානම් වීමේදී මිතුරන් කළ විහිලූවක් නිසා මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුවී ඇති බවත් ඔහු පසුව වටහා ගෙන ඇත.