ඌව පළාතේ දුෂ්කර පාසලක ඉගෙනුම ලැබූ මේ තරුණ සිසුවා පසුගියදා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නගරාසන්න ඥාති නිවසක නතර විය. මේ නිවසේ වූයේ දුප්පත් වියපත් යුවළකි.
මේ මුණුබුරාට ඔවුන් ඉතා ආදරයෙන් සැලකූ අතර සීයා ඉඳහිට කියන මෝඩ කතාවලට මුණුබුරා ප‍්‍රිය කළේය. වැඩිහිටි සංවිධානයක මග පෙන්වීම යටතේ සීයා ස්වයං රැුකියාවක් ලෙස කොහු ඉදල් හැදුවත් ඒවා අලෙවි කිරීම ගැටලූවක් විය. දිනක් විභාගයට ගොස් නිවසට එන ගමන් ඔහු සීයාට කීවේ ග‍්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ස්වයං රැකියාවලට ආධාර දීම සඳහා පත‍්‍රිකා බෙදමින් එන බවත් තමා හැදු ඉදලක් රැගෙන ගොස් එය පෙන්වා ආධාර ඉල්ලන ලෙසත්ය.
තමා හැදු ඉදලක් රැුගෙන ගේ ඉදිරිපිටට ගිය ඔහුට මේ කණ්ඩායම හමුවිය. මොහොතකට පසු ”සීයේ ඒ ගොල්ල මොනවාද කීවේ” ඔහු සීයාගෙන් ඇසූ විට ” මම ඉදල පෙන්නුව විතරයි, මොනවද කිය කියා මට රවාගෙන ගියා” සීයා කීවේ දුකෙනි.
එදා එලෙස ගියේ මැතිවරණයේ අපේක්‍ෂක කැන්වසින් කණ්ඩායමක් බව සීයා දැනගත්තේ අල්ලපු ගෙදරින්ලූ.

