ඔහු විශ‍්‍රාමිකයෙකි. ගාල්ලට නුදුරු ගමක ජීවත් විය. පුතා, ලේලිය සහ මුණුබුරු මිණිබිරියෝ ද ඔහු සමග ජීවත්වූහ. සමාජයේ සහ පවුලේ ඥාතීන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීමට ඔහු කිසිවිටෙකත් අමතක කළේ ද නැත. පසුගිය කාලයේ ඔහුට එවැනි හදිසි අවශ්‍යතාවකට මුදලක් ඕනෑ විය.
පුතාටත් වඩා ලේලිය කෙරෙහි විශ්වාසයෙන් හා ආදරයෙන් සිටි ඔහු තමාගේ ළඟ තිබූ රන් මාලයක් උකස් කර මුදල් ගෙනැවිත් දෙන ලෙසට ලේලිය අතට දුන්නේය. ලේලිය ද එය උකස් කර රුපියල් හැටපන් දහසක් ගෙනැවිත් දුන්නාය. අවශ්‍යතාවය ඉටුකර ගත් ඔහු ඊළඟට කළේ එය බේරා ගැනීම සඳහා සෙමෙන් සෙමෙන් මුදල් එකතු කිරීමය. කාලයකට පසු ඔහු එසේ එකතුකරගත් මුදල් සහ පොලිය ලේලියට දුන්නේ එය බේරා ගෙන ඒමටය.
එහෙත් එම මුදල් ඇයට වියදම් වූවාය. පසුව එය බේරා ගැනීමට උකස් මධ්‍යස්ථානයට ගියත් දැන ගැනීමට ලැබුණේ එය සින්න වී ඇති බවය. සිද්ධිය ඇය සැමියාට ද කීවාය. දෙදෙනා කළ යුතු උපායක් ගැන බොහෝ වේලාවක් කල්පනා කොට අවසානයේ තීරණයකට එළඹියහ. නගරයට ගිය දෙදෙනා පදික වේදිකාවේ විකිධෑමට තිබූ තාත්තාගේ රන් මාලයට සමාන මාලයක් ගෙන ගෙදර ගියේ සැකයක් නොසිතෙන පරිදිය.
ලේලිය තම ආදරධෑය මාමණ්ඩියට උකසින් බේරාගත් මාලය දුන්නාය. එය අතට ගත් ඔහු කෝපයෙන් වෙව්ලන්නට විය. මාව රවටන්න බැහැ. මට තවම හොඳට සිහිය කල්පනාව තියෙනවා. මේකත් උඹලම තියා ගනිල්ලා කියමින් ඉමිටේෂන් මාලය විසි කොට නිවසින් පිටව ගියේය.

