විදේශගතව සිටි කතක් ශ්‍රී ලංකාවට පැමිණ ඉඩම් කොටසක් මිලට ගෙන නිවහනක් තනාගෙන ඇගේ මවද සමඟ කල් ගෙව්වාය.
මේ දිනවල පවත්නා ඉඩෝරය නිසා ඔවුන්ගේ ඉඩමේ පිහිටි ළිඳද සිදිගියේය.
ළිඳ ඉසිමින් ජලය ලබාදීමට කොන්ත්‍රාත්කරුවකු පැමිණියේය. ඔහු සේවකයන් යොදා ළිඳේ මඩ ඉවත් කොට පිරිසුදු කර දුන්නේය. ඔවුන් ළිඳේ කටයුතු නිමා කොට ආපසු යද්දී ළිඳේ වතුරට අගුරු කැට දෙකකුත් මල් දෙකකුත් දමන ලෙස උපදෙස් දුන්නේය.
පසුදා වනවිටද ළිදේ ජලය බොර ගතිය ඇරී නොතිබිණ. ඇය කොන්ත්‍රාත්කරුට කතා කළේය.
ඔහුද තවත් මුදලක් ලබාගත හැකි යයි සිතා නිවෙසට පැමිණියේය.
නෝනා ළිඳට අගුරු කැට දෙකකුත් මල් දෙකකුත් දැම්මද?
“ඔව්” මම ළිඳට දමන නිසා හොඳ ප්ලාස්ටික් මල් දෙකකුයි අගුරුයි දෙකම දැම්ම. ඈ කීවාය. කොන්ත්‍රාත්කරුට කාරණය වැටහිණි.
“නෝනා ළිඳ ඉස්සට පස්සේ ළිඳට දමන්නේ ඉද්ද මල් වගේ වනමල් දෙක තුනක්. ප්ලාස්ටික් මල් දමල වැඩක් නෑ........”
කොන්ත්‍රාත්කරු කරණය පැහැදිලි කරදී යන්නට ගියේ නැවත වනමල් වෙනුවට ප්ලාස්ටික් මල් නොදමන ලෙසට උපදෙස් දෙමිණි.
(දූනගහ - බටේපොළ විජයසිරි)

