වෙන්දේසි ඉඩමේ තමන් මිලට ගත් කොටසට යාබද අනුන්ගේ බිම් කොටසේ නිවසකට අත්තිවාරම් දැමීමේ සිද්ධියක් නිසා මහත් ගැටලූවක් ඇති විය යුතු වුවත් දෙපක්ෂය ගැටලූව විසදා ගැනීමට කතිකා කරමින් සිටින බව මීරිගමට නුදුරු ගම්මානයකින් පසුගියදා වාර්තාවිය.
එක් බිම් කොටසක් මිලට ගත් පුද්ගලයා එම ප‍්‍රදේශයේ හිතවතකු හමුවීමට ආවේ ඉදිරි වැඩ කටයුතුවලට සහාය ලබා ගන්නටය. ”මහත්තයා, අපිටත් නොකියාම ගෙයි වැඩ පටන් ගත්තා” දැයි ඔහු ඇසුවේ පැරණි හිතවත්කම ඇති නිසාය.
මේ ප‍්‍රශ්නය නිසා විපිළිසර වූ මහත්තයා, ”මේ මොනවා කියනවාද ඔයාට නොකියා මං වැඩක් කරනවාද” කියද්දී ”ඇයි දැන් අත්තිවාරම් දාලා ඉවරයිනේ” හිතවතා යළිත් කීය. ”හා එහෙනම් යමු බලන්නැයි” කී දෙදෙනා ඉඩමට ගිය අවස්ථාවේ දැකගත හැකිවූයේ තම බිම් කොටසේ නිවසක් ඉදිකෙරෙමින් පවතින බවය.
කරුණු සොයා බලද්දී හෙළිවුණේ යාබද බිම් කොටස මිලදී ගත් තැනැත්තා වැරදීමකින් මේ ඉඩමේ නිවෙසක් තැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවය. ගමේ හිතවතාගේද සහාය ඇතිව දැන් ඉඩම් හිමිකරුවන් දෙදෙනා අද සමාජයේ වැඩි දෙනෙකුට ආදර්ශයක් ගෙන දෙමින් ගැටලූව විසදා ගැනීම පිණිස සාකච්ඡුා මාර්ගයක නිරතව ඉන්නා බව සති අත්තයේදී දැන ගන්න ලැබිණි.

