මැදගම වාර්තාකරු
පුරුද්දක් විදිහට රාත්‍රී කාලයේ නිවෙස්වලට ගොස් රෙදිවැල් වල වනා ඇති කාන්තා යට ඇඳුම් සොරකම් කළ පුද්ගලයකුට අවසානයේ තම ඇඳිවත ද අහිමිවීමේ සිද්ධියක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
මැදගම ප්‍රදේශයේ එක්තරා ගම්මානයක කලක පටන් කිසියම් පුද්ගලයෙක් දිනපතා මැදියම් රැයේ නිවෙස්වලට පැමිණ කාන්තාවන්ගේ යට ඇඳුම් සොරගෙන යාමට පුරුදුවී සිටියේ ය.
කෙසේ හෝ මොහු අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් විශාල වෙහෙසක් දැරූ නමුත් එය ද අසාර්ථක විය. ඒ අතර කාලයේ දී එක නිවෙසක සුරතලයට ඇති කළ බැල්ලක් පැටවුන් බිහි කළාය. බැල්ල පැටවුන් බිහි කිරීමෙන් පසු ඉතාමත් දරුණු වූවාය. ටික දිනකට පසු මෙම සුනඛ පවුල කිසිවකුට නිවෙසට පැමිණීමට නොදුන් අතර දිනක් රාත්‍රියේ බැල්ල සහ පැටවෝ එක දිගට බුරමින් ඝෝෂා කරන්නට වූහ.
තම නිවස ඉදිරිපිට කවුදෝ කෑමොර දෙන ශබ්දය ඇසී ගෙහිමියන් අවදි වූයේ කලබලයෙනි. එවිට ඔවුන්ට දැක ගත හැකි වූයේ හැම තැනින්ම ඉරුණු ඇඳුම් කැබලි ඇඳි ලේ පෙරාගත් තරුණයෙකි.
වහාම ක්‍රියාත්මක වු ගෙහිමියෝ සුනඛ පවුල පලවා හැර තරුණයා බේරා ගත්හ. පසුව කරුණු විමසා බැලීමේ දී කාලයක පටන් ඇඳුම් සොරකම් කරමින් මුළු ගමම බිය වැද්දුවේ මෙම පුද්ගලයා බව පසක් විය.
කාටවත්ම අල්ලා ගත නොහැකි වූ මෙම සොරාට සුනඛයන් කියා දුන්නේ අමතක නොවන පාඩමක් බව සිද්ධිය සැලවූ සියල්ලෝම පැවසූහ.