අසල් වැසියා රහස් පොලිස් නිලධාරියකු යැයි සිතා පහරදී වැඬේ වරද්දා ගත් පුද්ගලයකු පිළිබඳව අගනුවරින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
මොහු කලකට ඉහතදී කරන ලද හොරකමක් සම්බන්ධව පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි. මොහු සෑම විටම සිටියේ සෑම පුද්ගලයකුම පිළිබඳව අවිශ්වාසයෙනි. මේ අතර දිනක් තම නිවෙසට අල්ලපු නිවෙසට පුද්ගලයකු නවාතැන් ගැනීමට පැමිණි අතර, මොහු පිළිබඳව ඔහු දැඩි අවිශ්වාසයෙන් සිටියේ සී.අයි.ඞී. නිලධාරියකු යැයි සිතාය.
දිනක් මොහු ප‍්‍රදේශයෙන් පිට නගරයකට ගිය අතර අසල්වැසියා හා සමාන පුද්ගලයකු සිඟමන් යදිනු දුටු මොහුට දෙවියන් සිහිවිය. මේ නම් මාව හොයාගෙන ආපු සී.අයි.ඞී. කාරයා තමයි යැයි සිතූ මොහු ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා නැවත ගෙදර පැමිණියේය.
රාත‍්‍රී කාලයේ ඔහු එන මග රැුක සිට මොහු පොල්ලකින් පහරදී පැන ගිය අතර අසල්වැසියා හැඩරුවින් මොහු හඳුනාගෙන පොලිසියට පැමිණිලි කර ඇත. පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට කැඳවූ අවස්ථාවේ, ”අනේ රාලහාමි මම තමයි අහවල් හොරකම කළේ. අනේ මට සමාවෙන්න මේ මහත්තයා අපේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ මා අල්ලන්න නිසා බයටයි මම ගැහුවේ” යැයි පවසා ඇත. මොන පිස්සු ද මේත් අපි හොය හොයා හිටිය අපරාධකාරයෙක්.
පොලිසියට පැමිණිල්ල දාන්න ආවමයි අපේ රාලහාමි කෙනෙක් අඳුර ගත්තේ. ඔයා කළේ වැරැුද්දක් වුණාට අපිට මෙයාව අල්ල ගන්න පුළුවන් වුණා” යැයි පැවසූ නිලධාරියා අසල තිබූ සීනුව නාද කර පොලිස් නිලධාරියකු කැඳවා ”මේ දෙන්නාම දාන්න කූඩුවට” යැයි නිලධාරියාට පවසා ඇත.

