රජයේ රැකියාවක නියුතු අසල්වැසි කාන්තාවක් තම ජීවිතය ගැන කලකිරීමට පත්වී ගිහිගෙය අතහැර මහණ වීමට යාමට සූදානම් වන බව ඒ මොහෙතේම රාත්‍රී සිහිනෙන් දුටු පාසල් දැරියක් නින්දෙන් අවදි වී විලාප නගමින් හැඬූ පුවතක් වයඹ පළාතේ ගමකින් වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව දැනගන්නට ලැබුණු පරිදි පසු දින උදෑසන සිහිනය දුටු පාසල් දැරියගේ මව මහණවීමට යාමට සූදානම් වූ කාන්තාවගේ දුරකථනයට ඇමතුමක් ලබාගෙන වැඩිදුර තොරතුරු විමසා ඇත.
පාසල් දැරිය රාත්‍රී දුටු සිහිනයත් සමග විලාප නගා හැඬීම නිසා නිවසේ පදිංචිකරුවෝ සියලු දෙනාම එක්වරම අවදිවූහ. මහණ වීමට යාමට සූදානම් වන අසල්වැසි කාන්තාවගේ නිවස වෙත යාමට ද නිවැසියෝ සූදානම් වූහ. එහෙත් පසුදින ඒ ගැන සොයා බලන බවට තීරණය වෙනස් කොට යළි නින්දට යන විට වටින් ගොඩින් එළිය වැටීමට ද ආසන්න වී තිබිණි.
කෙසේ වෙතත් අසල්වැසි කාන්තාව සුපුරුදු පරිදි පසුදින රැකියාවට ගොස් තිබුණි. තම දියණිය දුටු සිහිනය පිළිබඳවත්, ඇයගේ හැඬීම පිළිබඳවත් රැකියා ස්ථානයට දියණියගේ මව විසින් දුරකථන ඇමතුමක් ලබාදී තිබුණි. මේ පුවත ඇසූ විගස දුරකථන සංවාදය අතරතුර කතාවට වඩා වැඩි කාලයක් වෙන් කරන්නට සිදුවූයේ දිගුවේලාවක් දුරකථනයෙන් කළ හිනහවටය.
(බිංගිරිය වික්ටර් සෝමවීර)

