අශ්වයා බඩගාද්දී පුටුව පැද්දූ සුද්දා බිම
තුරඟ තරග හලක රේස් බයි රේස් නරඹමින් සිටි අයෙක් තමා නම්කළ අශ්වයා පසු බසිමින් දුවන අයුරු දැක වාඩිවී සිටි පුටුව ඉදිරියට පද්දමින් අශ්වයාට දිරි දීමට ගොස් පුටුව කැඞී බිමට ඇද වැටුණේය.
ඔට්ටු අල්ලා රේස් බයි රේස් නැරඹීමට දිනපතා පැමිණෙන බව කියන මොහු විදේශිකයෙකි. සිද්ධිය වූ දිනයේද ඔට්ටු අල්ලා දුවන අශ්වයන් නරඹමින් සිටියේය.

