අවුරුදු තෑග්ගට ‘බත්කොළ’ මිටියක්


(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ වියළි කලාපයට සම්බන්ධ එකම ගමේ දුරස්ථ නෑකමක් ඇති මේ පවුල් දෙක අතර තිබුනේ දැඩි මිත‍්‍රත්වයකි. එහෙත් පසුගියදා මේ මිත‍්‍රත්වයට කණ කොකා ඇඬුවේ අපූරු අවුරුදු තෑග්ගක් දීම නිසාය.


මේ හිතවතුන් අතර එක් අයකුට විශාල කෙසෙල් වගාවක් තිබුණේ අනෙක් යහළුවාගේ නිවස අසලය. එම කෙසල් වගා බිමේ නිතර කෙසෙල් කැන් වතු මෝ ආදිය සොරු කපන නිසා අසල වූ හිතවතාගෙන් මේ ගැන ඇසුවත් ඔහු කීවේ මේ ගැන තමන් කිසිවක් නොදන්නා බවකි.


දිනක් ඉඩම් හිමියාට වත්තේදීම අසල්වැසි හිතවතා හමුවූයේ පිහියක්ද රැුගෙන සිටියදීය.”මම දරුවන්ගෙ  බත් පාර්සල් බඳින්න කෙහෙල් කොළයක් කපාගන්න ආවා” ඔහු කීවේ අනිකා ඒ ගැන අසන්නටත් පෙරය.


පසුගිය අවුරුදු සමයේ සිරිත් පරිදි පවුල් දෙක අතර සීනි, තේ කොළ, කේක් හුවමාරු විය.


එහෙත් කෙසෙල් ඉඩම් හිමියා තමා ගෙනා කේක් එක සමග බත් පාර්සල් බඳින පොලිතින් කොළ මිටියක්ද එවා තිබීම නිසා කරුණු අවබෝධ කරගත් අනෙක් මිතුරා මේ සම්බන්ධය නවත්වලාලූ......