අල්ලපු ගෙදර කත විවාහ කරගන්න සැමියාගෙන්ම අහලා


පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර 
සුරූපී බිරියට මංගල යෝජනාවක් රැගෙන පැමිණි තරුණයකු පිළිබඳ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ. 


ප්‍රධාන මාර්ගයේ නගර සීමාවේ පදිංචි තරුණයකු විදේශගතව සිටි මීට සති කීපයකට පෙර නිවස බලා පැමිණ ඇත. 


නිවසට පැමිණ මවුපියන් සමග කාලය ගත කරමින් සිටි ඔහුට මාර්ගයේ අනෙක් පස ඇති නිවසක සිටින සුරූපී කාන්තාවක ඇස ගැටිණි. ඇය දෙස බලමින් දින කිහිපයක් ගත කළ තරුණයා ඉදිරිපස නිවසේ සිටින අය ගැන මවුපියන්ගෙන් විමසූ විට මෑතකදී පදිංචියට පැමිණි කට්ටියක් බවත් නිවසේ සිටින්නේ පියත් දුවත් පමණක් යැයි දැනගන්නට ලැබී තිබේ. 


අදාළ තරුණිය ගැන තමන්ගේ අදහසක් ඇති බවත් මවුපියන් ඒ ගැන මොකද කියන්නේ යැයි තරුණයා විමසූ විට ඊට විරෝධතාවක් නොමැති බව ඔහුගේ මව ප්‍රකාශ කර ඇත. 


 ඒ අනුව පසුවදා මවුපියන් සමග තරුණියගේ නිවසට ගොස් තමන් ඉදිරිපස නිවසේ පදිංචිකරුවන් බවත් දැන හැඳින ගැනීම සඳහා පැමිණි බවත් මවුපියෝ නිවෙසේ හිමියාට පැවසූහ. 


සතුටින් අසල්වාසීන් පිළිගත් නිවෙස් හිමියා බිරිය සමග එක්ව තේ පැන් සංග්‍රහයක් සූදානම් කළේය. තේ පැන් සංග්‍රහය භුක්ති විඳින ගමන් තරුණයාගේ මව තම පුතා දුව ගැන අදහසක් තියෙනවා යැයි පැවසුවාය. 


මවගේ ප්‍රකාශය ගැන වැටහීමක් නොවුණු තැන නිවෙස් හිමියා ‘දුව කීවේ’ යනුවෙන් විමසූ විට තරුණයාගේ මව මම මේ කීවේ දරුවා ගැන යැයි පැවසුවාය. එවිට කාරණය ගැන පැහැදිලි වුණු නිවසේ හිමියා අනේ මේ මගේ දුව නෙවෙයි මේ මගේ බිරිය අපි විවාහ වෙලා අවුරඅදු පහළොවක් විතර වෙනවා. ගොඩක් අයට බිරිදයි මායි  පේන්නේ තාත්තයි දුවයි වගේ. ඒ නිසා දැන් අපි දෙන්නා එකට ගමන් බිමන් යන්නෙන් නැති තරම්. මෙහෙම ගියොත් අපි දෙන්නට ගෙදර ඉන්නවත් බැරිවෙයිද දන්නේ නැහැ යැයි නිවෙස් හිමියා පැවසුවේය.