ඉමදුවට නුදුරු නියම් ගමකි. එහි වෙසෙන පවුලක සැමියා විසින් තම බිරිය සහ දරුවන් තිදෙනා ඉතාමත් හො`දින් රැුකබලා ගත්තේ පෞද්ගලික ආයතනයක රැුකියාව කරමිනි. පාසල් යන දරුවන්ගේ පෞද්ගලික පන්ති ගෙනයාම බිරි`දට පහසු කිරීමට සැමියා විසින් නවතම මෝටර් සයිකලයක් ඇයට මිලයට ගෙන දුන්නේ හැකිකමකට නොවේ.
දිනක් මෙම කාන්තාව තම මෝටර් සයිකලයේ වූ කාර්මික දෝෂයක් නිවැරදි කර ගැනීම සදහා නගරයේ මෝටර් සයිකල් වැඩපලකට ගියාය. මෙහිදී මෙකී කාන්තාව මෝටර් සයිකලය අලූත් වැඩියා කළ කාර්මිකයා සමග අලූත් මිත‍්‍රත්වයක් ඇතිකර ගැනීමටද අමතක නොකළාය. කාලය දින මාස අනුව ගත විය. කාන්තාව අලූතින් හදුනාගත් මෝටර් සයිකල් කාර්මිකයා සමග විවිධ නවාතැන් පොළවලට ගොස් තම සිතැ`ගි ඉටුකර ගත්තේ තම ආදරණීය සැමියාට ද්‍රෝහි වෙමිනි. මෙම පුරුෂයාද දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
මෙසේ පෙම්සුව විදි යුවළ දිනක් කතිකාකර ගත්තේ දෙදෙනා එක්ව වෙනම පවුල් ජීවිතයක් ගතකිරීමට වෙනත් ප‍්‍රදේශයකට වාසය සදහා යෑමටය. පසුව කාටත් හොරා මෙම යුවළ අලූත් ජීවිතයක් ගත කිරීම ආරම්භ කරණු ලැබුවේ තමන්ගේ සිතැගි ඉටුකර ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රීති වීමෙනි.
තම බිරි`ද නිවෙසින් පිටත්ව ගොස් ඇති බව දැනගත් කාන්තාවගේ විවාහක පුරුෂයා මෙකී කාන්තාව ගැන සියලූම තැන්වලින් සොයා බලා තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූයෙන් පසුව පොලීසියේ පැමිණිල්ලක් කරණු ලැබුවේ වෙනත් දෙයක් කිරීමට නොහැකි වූ හෙයිනි. තම මව තමන් හැරදමා ගෙදරින් ගොස් ඇති බව දැනගත් කාන්තාවගේ දරුවන් තිදෙනා ඉතාමත් ශෝකයෙන් පසුවූ අතර පියාට දරුවන් තිදෙනා අස්වසාලීමට මහත් වෑයමක් ගන්නට සිදුවිය.
සිද්ධියෙන් පසු මාස තුනක් පමණ ගතවිය. දිනක් මෙම දරුවන්ගේ පියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. නුපුරුදු අංකයක් තම දුරකතනයේ සටහන්ව තිබෙනු දුටු දරුවන්ගේ පියා එයට පිළිතුරු දෙනවාද නොදෙනවාද යන්න සිතා දුරකතන ඇමතුමට පිළිතුරුදීමට එක්විය. පුදුමයකි අනෙක් පසෙන් තමන්ගේ විවාහක බිරිද ඇමතුමේ රැදී සිටින බව හෙතෙම දැනගත්තේ ඇය තම කටහඩ අවදිකර සිටීම හේතුවෙනි. එම ඇමතුමෙන් කියැවී තිබුණේ තමන් විශාල වැරුද්දක් කළ බවත් තම සැමියාට සහ දරුවන්ට ද්‍රෝහිවී පැමිණි මෙම අලූත් පුරුෂයා සමග එකට ජීවත්වීම එපාවී ඇති හෙයින් නැවතත් තමන් භාරගන්නා ලෙසත්ය.
පසුව මේ ගැන තම අදහස ප‍්‍රකාශ කිරීමට විනාඩි කීපයක් දෙන ලෙස ඉල්ලා සිටි මෙම කාන්තාවගේ විවාහක පුරුෂයා ටික වේලාවක් කල්පනා කර මෙකී කාන්තාවට හොද පාඩමක් උගන්වමියැයි සිතා ඇමතුමක් ගෙන පැවසුවේ හෙට දින නිවසට පැමිණෙන ලෙසත් ඇය බාරගැනීමට තමන් කැමැති බවත්ය.
පසුදින පහන් විය. ඇය අනුරාධපුරයෙන් බසයේ නැගගත් බව තම විවාහක සැමියාට දුරකතන ඇමතුමක් දුන්නාය. එව්ට ඔහු පැවසුවේ ගාල්ලට පැමිණ දුරකතන ඇමතුමක් දෙන ලෙසය. පසුව මේ බව තම මිතුරන් කීපදෙනකුට පැවසූ කාන්තාවගේ සැමියා ඇය පැමිණෙන වේලාවට ඇය කැ`දවා ගෙන ඒමට පෙරමගට යාමට ඔවුන්ට ආරාධනා කළේය.
එදින පස්වරුව නිමාවෙමින් පැවතිණි. ඇය ගාල්ලට පැමිණි බවත් අකුරැුස්ස බසයෙන් ඉමදුවට පැමිණෙන බවත් මෙම කාන්තාවගෙන් දුරකතන ඇමතුම ලැබිණි. වහාම ක‍්‍රියාත්මක වූ මෙම විවාහක සැමියා සමග ඔහුගේ යහළුවන් කීපදෙනා ඉමදුව නගරයට කිලෝ මීටර් භාගයක් පමණ ගාල්ල දෙසට වන්නට ඇති බස් නැවතුමකදී මෙම කාන්තාව බසයෙන් බස්සවා ගත්තේ ඇයට වදමල් සහිත මල්මාලාවක් දැමීමෙනි. එතැන් සිට විවාහක සැමියා විසින් මේ කාන්තාව පාරදිගේ කැදවාගෙන පැමිණියේ පොලීසිය වෙතය. මෙම ගමනේ දී මීටර් කීපයක් ගමන් කරණ විට විවාහක සැමියා විසින් පෙරකී කාන්තාවට හො`දවැයින් කම්මුල් පහරක් දුන්නේය. පුරුෂයාගේ යහළුවන් කෑකෝ ගසමින් මෙකී කාන්තාවට උසුළුවිසුළු කිරීමට පටන් ගත්හ. මේ අවස්ථාව දැකබලා ගැනීමට නගරයේ සෑහෙන පිරිසක්ද එක්රොක් වූහ.
කිසිවක් කර කියා ගැනීමට නොහැකි වූ පෙරකී කාන්තාව පොලිසිය වෙත රැුගෙන ආ එම කාන්තාවගේ විවාහක පුරුෂයා තමන් දරුවන් තිදෙනා තනිවම රැකබලා ගනිමින් ජීවත්වන බවත් මෙම ද්‍රෝහි කාන්තාව තමන්ට තවත් අවශ්‍ය නොමැති බවත් කියා පොලිිසියෙන් පිටතට යන්නට ගියේය.
මෙම ස්ථානයේ රැස්ව සිටි පිරිස පැවසුවේ තමන්ගේ පුරුෂයාට සහ දරුවන්ට ද්‍රෝහි වන මෙවැනි කාන්තාවන්ට මෙම සිද්ධිය හොද පාඩමක් බවය.

