(වියලුව වාර්තාකරු)
කොරෝනා උවදුර හේතුවෙන් හදිසියේම රට රැකියාවට සමුදී පැමිණෙද්ත්දී ගෙන ආ චර්මා ලේප ආලේප කළ ඇයගේ දියණියන් තිදෙනකුට එම ආලේපනය විස වී රෝහල් ගත වීමට සිදුවීමේ පුවතකි. සිද්ධිය මෙසේය.

ඇය මැද මැදපෙරදිග රටක ගෘහ සේවයේ නිරත වූ කාන්තාවකි.
කොරෝනා වසංගතයත් සමඟ කෙටි කලකදී රැකියාවට සමුදුන් ඇය පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ නියමිත කාලය අවසන් වීමටත් මත්තෙනි.
සේවය කළ නිවැසියන්ගේ හිත් දිනාගෙන සිටි ඇයට එරටින් පිටව යද්දී ගෙහිමි කාන්තාව තෑගි බෝග රැසක් ලබා දෙන්නට අමතක නොකළාය.
පුයර වර්ග මෙන්ම චර්ම ආලේපන, ආලේපන හා සුදු කෙස් වර්ණ ගන්වන ඩයි වර්ග කීපයක් ද ඒ අතර විය. සිය මව රැගෙන ආ චර්ම ආලේපන සිරුරේ ගල්වාගන්නට තරුණ වියේ පසු වූ ඇයගේ දියණියන් තිදෙනාට තිබුණේ දැඩි හදිසියකි.
ඔවුන් හිතූ හිතූ පරිදි ඒවා ආලේප කළේ එහි තිබූ විස්තර පවා හරි හැටි සොයා නොබලමිනි
වෙනත් ලිහිසි ද්‍රව්‍යයක් කවලම් කර ආලේප කළ යුතු චර්ම ආලේපයක් ඔවුන් එක්වරම සිය සිරුරේ ගල්වාගෙන ඇත්තේ තිබූ කලබලය මෙන්ම එකිනෙකා අතර තිබූ තරගය නිසාය.
මොහොතක් ගතවෙද්දී ඔවුන් තිදෙනාගේම සම රත්පැහැවී බුබුලු නගින්නට පටන්ගෙන ඇත්තේ ඔවුන්ට තරු පෙන්වමිනි.
අවසානයේ ඔවුන්ට රෝහලට ඇතුළුවී එන්නත් විද ගනිමින් ප්‍රතිකාර ලබන්නට සිදුවූයේ කළ මෝඩකම් ගැන ද සිහිපත් කරමිනි.

