අපේක්ෂකයාගෙන් හොඳට කාබී මනාපය වෙනත් අයකුට දීලා


පසුගිය මැතිවරණයේදී අපේක්ෂකයෙක් පෝස්ටර් ඇලවීම සහ කැන්වසින් යාමේ කටයුතු සඳහා තරුණයින් පිරිසකට ආරාධනා කළේය. මෙම කටයුතු සඳහා අපේක්ෂකගෙන් වාහන පමණක් නොව කෑම බීම සහ මුදල් ද මදි නොකියන්නට ලැබිණි.


ඔහු හිතවත් ඡුන්ද දායකයින්ට පැවසූවේ තම අංකයට පමණක් මනාපය ලබාදෙන ලෙසටය. හෙතෙම අවුරුදු කිහිපයක්ම ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයකු ලෙස උජාරුවෙන් කටයුතු කළ අතර ඒ කාල වකවානුවලදී තමනට ලැබුණු ජොබ් කෝටාවලින් මෙම තරුණයින්ට හෝ ඔවුන්ගේ පවුල්වල අයට රැුකියා අවස්ථා ලබා දී නොතිබිණි.


එයට කළගුණ සැලකීම සඳහා තරුණයින් ඇතුළු පවුලේ උදවිය තීරණය කළේ තම මනාපය වෙනත් අපේක්ෂකයකුට ලබාදීමටය. ඡුන්දය දා උදෙන්ම ගොස් ඡුන්දය දැමූ ඔවුහූ අපේ්ෂකයා මුණ ගැසී ‘‘සර් උදේම ගිහින් සර්ගේ අංකෙට විතරක් ගහලා ආවා’’ යැයි පැවසූහ. 


සතුටු වූ අපේක්ෂකයා ඔවුනට මත්පැන් බෝතල් සහ රතිඤ්ඤා ද ලබා දී ‘‘ඡුන්දෙ අහන වෙලාවට පොඞ්ඩක් ගන්න. මම දින්නාට පස්සෙ රතිඤ්ඤා පත්තු කරන්න’’ යැයි පැවසීය.


රාත‍්‍රියේදී මිතුරෝ මත්පැන් බී කතාබහ කරමින් මැදියම් රැුය පසුවන විට සුවසේ නිදන්නට වූහ. පසු දින සවස ඔවුනට දැනගන්නට ලැබුණේ තමන් කැන්වසින් යෑමට උදව් කළ අපේක්ෂකයා පරාජය වී ඇති බවය. 


‘‘අපිට හරි සතුටුයි මිනිහා පැරදුණු එක ගැන. ඉන්න කාලේ ගමේ අපිට ජොබ් එකක් නොදුන්න එකට පනිෂ්මන්ට් එක තමයි එයාට හම්බ වුණේ’’ පැවසූ මිතුරෝ අපේක්‍ෂක දුන් රතිඤ්ඤා පත්තු කරන්නට වූහ. ‘‘මගේ අරක්කු මටම ගහනවා කියන්නේ  ඕකටයි.’’ පසුව අපේක්ෂකතුමා සිදුවීම ආරංචිවී පවසා තිබුණි.