අනුන්ගේ බිරිඳකගේ රූපශ්‍රීය ඇය ඉදිරිපිට වර්ණනා කිරීමට ගොස් අවසානයේ පොලිසියට යාමට සිදුවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ තංගල්ල ආශ්‍රිත ගම්මානයකිනි.

මේ පවුල් දෙක අතර කාලයක සිට පැවතියේ දැඩි මිතුරුකමකි. පසුගියදා හදිසි ගමනක් යෑමට මහමගමට ආ මිතුරාගේ බිරිඳ දුටු ඔහු කරුණු විමසා යතුරුපැදියෙන් ගමන යාමට ඇය අතට හිස් වැසුමද දුන්නේය. යන ගමනේදී ඇයගේ රූපශ්‍රීය වර්ණා කළ ඔහු ඉඟි බිඟි පාමින් යන ආකාරය දුටු ඇය සම්පූර්ණ ගමන යාම නවතා යතුරපැදියෙන් බැස්සේ තරමක කේන්තියෙනි.
දින දෙකකට පසු ඔහු හමුවූ මිතුරා වියරු වේශයක් ගෙන අසභ්‍ය වචන කීපයක්ද කියා ඔහුට පහර දුන්නේ යතුරුපැදියද පෙරළා දමමිනි.
තුවාල ලත් ඔහු පොලිසියට ගොස් කළ පැමිණිල්ලට දෙදෙනාම කැඳවා කරුණු අවබෝධ කොට සමාදානයකට මං සැලසුවක් දෙදෙනාම තවමත් නයි-මුගටි වෛරයෙන් පසුවෙනවාලු.
(තිහගොඩ උපසේන ලියනගම)

