අනියම් බිරිය සමඟ යහන් ගතවෙන්නට ගොස් ඇගේ සැමියාට හසුවී ගස් බැඳ පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියකු පිළිබඳ පුවතක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයෙන් (16) රාත්‍රී අසන්නට ලැබුණි.
මෙම නිලධාරියා මීට පෙරද එවැනි සිදුවීම් කිහිපයකට හසුවී පහර කෑමට ලක්ව තිබෙන මුත් පොලිසීයට නොගොස් සමථයකට පත් කර ගන්නට ඔහු සමත් වී තිබිණි.
ආරක්ෂක නිලධාරියා රාත්‍රියේ අනියම් බිරියගේ නිවසට ගොස් ඇත්තේ ඇයගේ සැමියා වෙනත් කටයුත්තක් සඳහා නිවසෙන් බැහැරව සිටි බව දැනගෙනය. එහෙත් සිය බිරියගේ හැසිරීම පිළිබඳ සැක සිතූ සැමියා පෙර සිට ඇගේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් පටිගත වන ලෙසට බිරියටද රහසේ කටයුතු කර තිබී ඇත.
ඒ අනුව බිරියගේ සහ ආරක්ෂක නිලධාරියාගේ සැලසුම් දැන ගත් සැමියා නිවසෙන් බැහැරව ගොස් ඇත්තේ දෙදෙනා අතටම අල්ලා ගැනීමේ අරමුණෙනි.
සුපුරුදු අරමුණ ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් තමන් නොමැති අවස්ථාවල නිවසට ගොස් තම බිරිය සමග දිගු කලක් යහන්ගත වූ ආරක්ෂක නිලධාරියා එදින අතටම අල්ලා ගැනීමට සැමියාට එහිදී හැකිව තිබේ.
දැනගන්නට ලැබෙන තොරතුරු අනුව ආරක්ෂක නිලධාරියාට පහරදී ගහක බැඳ සිටියදී ප්‍රදේශවාසීන් විසින් ගොස් ඔහු බේරා ගෙන ඇත.
නැවත මෙවැනි පවුල් කඩාකප්පල් කරන වැරදි නොකරන ලෙසත් තනතුරට ගැලපෙන ලෙස ජීවත් වන ලෙසත් පවසමින් ගසක බැඳ තිබූ ආරක්ෂක නිලධාරියාගේ ලණු ලිහා දැමීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.