අනියම් පෙම්වතියත් එක්ක සැමියා ගේ ළඟින්ම ගිහින් ජංජාලයක්


(වැල්ලව -ශිවා බණ්ඩාර)
තම ස්වාමි පුරුෂයාගේ අනියම් බිරියට පහරදී රිමාන්ඞ් ගත වූ කාන්තාවක පිළිබඳව සිදුවීමක් ඇතුගල්පුරෙන් වාර්තා වේ.


සිද්ධිය සැකෙවින් මෙසේය.-


අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා දෙදරු පියකු වන අතර ඔහුගේ බාල දරුවා ඒ වනවිට මාස තුනක් වයසැති බිලිඳෙකි. ඔහු ඇඟලුම් කම්හලක සේවය කරන ගැහැනු ළමයකු සමඟ අනියම් ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇත. එම ගැහැනු ළමයා සමඟ නිතර නිතර තම මෝටර්රථයේ ගමන්බිමන්වලද යෙදී ඇත. දිනක් තම බිරිය මෝටර්සයිකලයක නැගී ගමනක් යාමට සූදානම් වූ අවස්ථාවේ තම නිවස ඉදිරිපිට මාර්ගයෙන් අනියම් පෙම්වතිය සමඟ තම ස්වාමි පුරුෂයා ගමන් කරනු දැක ඇත.


මෙය දුටු බිරිය යක්ෂාවේශ වී ඇති අතර වහාම තම ස්වාමි පුරුෂයාගේ මෝටර්රථය නවතා අනියම් බිරියට තම හිස රැඳි හිස් ආවරණය ගලවා දිගින් දිගටම පහරදී ඇත.


අනියම් පෙම්වතියගේ හිස පැලි ශරීරයේ බොහෝ ස්ථානවලට තුවාල සිදුවී ඇති අතර එම තරුණිය රෝහල් ගත කිරීමට ගම්වාසීන් කටයුතු කර ඇත.


පහර දුන් බිරිය අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති අතර මාස තුනක් වයසැති බිලිඳාට කිරි ලබාදීම සඳහා දිනපතා දරුවා රැගෙන ස්වාමි පුරුෂයාට බන්ධනාගාරයට යාමට සිදුව ඇත.