(ගම්පොල සුරංග රාජනායක)
රාත‍්‍රී කාලයේ නිවසට ඇතුළු වූ පුද්ගලයකු එහි නිදා සිටි දෙදරු මවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කර යට ඇඳුම හා සරම දමා පලා ගොස් තිබිය දී මහනුවර නිල සුනඛ අංශයේ නයිනා එම සැකකරු අල්ලා දීමට සමත්ව ඇත.
මෙම දෙදරු මවගේ සැමියා වෙනත් කාමරයකත් දරුවන් සමග ඇය තවත් කාමරයකත් නිදාගෙන සිටිය දී සැකකරු රාත‍්‍රී 1 ට පමණ නිවසේ ජනේලයෙන් පැනවිත් ඇයට මෙසේ අතවර කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
බිරියගේ කාමරයෙන් ඇසුණු ශබ්දයකට ඇහැරී පැමිණෙන විට සැකකරු සරම හා යට ඇඳුම දමා පලා ගොස් තිබුණි.
නයිනා සුනඛයා විසින් සැකකරුගේ නිවෙසට ගොස් ඇඳේ නිදා සිටි ඔහු අල්ලා දී ඇත. මොහු එම ගමේම පදිංචිකරුවකු වන අතර සැකකරු ගම්පොළ මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වැනිදා දක්වා රිමාන්ඞ් කරන ලෙස නියෝග කළේය.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස් අධිකාරී චූලනී වීරරත්න, පොලිස් ස්ථානාධිපති යාපා බණ්ඩාර, අපරාධ අංශ ස්ථානාධිපති ටී.ආර්. තල්වත්ත යන නිලධාරීන්ගේ උපදෙස් මත උ.පො.ප. මිත‍්‍රසේන, පො.සැ. (6371) බණ්ඩාර, පො.සැ. (28946) රෝහිත, කා.පො.සැ. (759) කමලා යන නිලධාරීහු පරීක්ෂණ සිදුකළහ.

