’ලංකාවම ලොක්ඩවුන් කරන කතාව බොරුවක්’


 (බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මෙම මස 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරක් සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

එම තොරතුරෙහි කිසිදු සත්‍යය තාවයක් නොමැති බවත් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.

මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා තුල මුදා හරින සහ බෙදා හරින පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.