(ඉන්දිකා රාමනායක)
නිවෙස්වල නිරෝධායන සහ ස්වයං නිරෝධායන සඳහා යොමුව සිටින පිරිස, සෞඛ්‍ය බලධාරීන් විසින් එම නිවසේ අලවා ඇති දැන්වීම ඉවත් කරන තෙක් ම එම නිවෙස් වලින් බැහැර යාම සම්පුර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නිරෝධායනයට යොමු කර සිටින පිරිස් එම නිවෙස් හා පරීශ්‍රවලින් බැහැරට පැමිණෙන බවට පොලිසිය වෙත තොතුරු ලැබී ඇති බවත් එවැනි පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන නීරෝධායන නීතිය යටතේ ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.
සෞඛ්‍ය බලධාරීන් මෙම නිවෙස් නිරෝධායනයට යොමු කළ නිවසක් වශයෙන් දැන්වීම් අලවා තිබියදී මෙම පිරිස් ඒ බව නොතකා අදාල නිවෙස් වලින් බැහැර වන බවද හෙතෙම කීය.
නිවෙස්වල නිරෝධායන කාලය අවසන් වු පසු සෞඛ්‍ය බලධාරීන් විසින් ඉවත් කරනු ලබන බවත්, නියමිත කාලය සම්පූර්ණ කර සෞඛ්‍ය බලධාරීන් දැන්වීම් ඉවත් කරන තෙක් පුද්ගලයන්ට එම නිවෙස් වලින් බැහැර යාම සපුරා තහනම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම නිවෙස් හා එහි පුද්ගලයන් සම්බන්ධයෙන් නිතර විමසිල්ලේ සිටින ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

