‘ඩෙල්ටා‘ යැයි සැක ආසාදිතයෙක් මාදිවෙලින්


(සුජිත් හේවාජුලිගේ )

ඉන්දීය ‘ඩෙල්ටා ‘ සැර කොරෝනා වයිරස ප්‍රභේදය  ආසාදනයවූ බවට සැක කෙරෙන පුද්ගලයකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයෙන්  හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව එම රෝගියාගේ ජෛව පටල  සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබ ඇත .

අදාළ ප්‍රදේශයේ රෝග පාලනය සඳහාද ක්‍රියාමාර්ග ගෙන ඇතැයි  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පැවැසී ය.

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා  ප්‍රභේදය ආසාදිත වූ පස් දෙනෙක්  දෙමටගොඩ ආරාමය පෙදෙසින් මෙයට පෙර  සොයා ගනු ලැබූහ .