තේපැන්හලකට ගිය නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගය ව්‍යාප්ත වීම . පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා හේතුවෙන් හරවා යවා ඇත.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගත සමයේදී දුන් නායකත්වය හේතුවෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරියා ලොවපුරා බොහෝ දෙනකුගේ ඇගයීමට ලක්විය.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඊයේ (16) එනම් සෙනසුරාදා ඇයගේ සහකරු සමඟ තේපැන්හලකට ගොස් ඇත. නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පනවා ඇති සීමා හේතුවෙන් අවහන්හලකට ඇතුළත් කර ගත හැක්කේ සීමිත පිරිසකි.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය තේපැන්හලට යන අවස්ථාවේදී ‘කායික දුරස්ථභාවයට’ අදාළ මාර්ගෝපදේශවලට අනුව ඊට යා හැකි උපරිම පිරිස එහි සිට ඇත. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරිය සහ ඇගේ සහකරු නැවත හරවා යවා ඇත.
ආඩෙන්ගේ ආණ්ඩුව පසුගිය බ්‍රහස්පතින්දා (14) සමාජ දුරස්ථභාවයට අදාළ සීමා ලිහිල් කිරීමට පියවර ගත් අතර මාස දෙකකට ආසන්න කාලයක් වසා තැබුණු අවන්හල්, තේපැන්හල්, සිනමා ශාලා සහ සාප්පු සංකීර්ණ ද විවෘත කෙරිණි. නවසීලන්තය පමණක් නොව අනෙකුත් රටවල් ද වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා දැඩි සීමා පැනවීය.
නවසීන්ත අග්‍රාමාත්‍ය ආඩෙන් සහ සහකරු ක්ලාක් ගේෆෝඩ් සෙනසුරාදා වෙලින්ටන් අගනුවර පිහිටි තේපැන්හලකට ගොස් ඇත. මුල් අවස්ථාවේදී එහි අසුන් සියල්ල පිරී ගොස් තිබූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන් මිනිත්තු කිහිපයකට පසු එහි මේසයක් හිස් වී ඇති අතර තේපැන්හලේ සේවකයකු යුවල පසුපොස ගොස් ඒ බව දන්වා ඇත. පසුව ඔවුහු දෙදෙනා එම තේපැන්හලට ගොස් ඇත.
එම සිදුවීම තමා අතින් සිදුවූ වරදක් යැයි ක්ලාක් ගේෆෝඩ් පවසා ඇත.
‘‘මේකේ වගකීම මම ගන්න ඕනෑ. මම හරියට බැලුවේ නැහැ. අපිට වෙන තැනකට යන්න තිබ්බා’’ ගේෆෝඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබිණි.
‘‘තේපැන්හලේ සේවකයෙක් අපේ පස්සේ දුවන් ඇවිත් මේසයක් හිස් බව අපට කීවා. ඇත්තටම එක ඉතාම කාරුණික දෙයක්’’ යැයි ද ඔහු සඳහන් කර තිබිණි.
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා තිබෙන සීමා හේතුවෙන් අවන්හල්, තේපැන්හල් ඉදිරියේ රැඳී සිටීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බව අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
‘‘මමත් අනෙක් හැමෝම වගේ මගේ අවස්ථාව එනතෙක් බලාගෙන හිටියා’’ යැයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබිණි. නවසීලන්තයේ රාජ්‍ය රූපවාහිනි සේවය අග්‍රාමාත්‍යවරයිගේ මාධ්‍ය ඒකකය උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.
සිය සෞඛ්‍ය පද්ධතියට බලපෑමක් එල්ල වීමට පෙර ‘කොරෝනා වයිරස’ වසංගතය පාලනය කරගැනීමට නවසීලන්තය සමත් විය.
නවසීලන්තයෙන් අද (17) පස්වරු වනවිට වාර්තා වී තිබූ ආසාදිතයන්ගේ ගණන 1,498ක් යැයි ද එරටින් වාර්තා වන මරණ ගණන 21ක් ලෙස ද දැක්විණි.
රොයිටර්ස්
(055)

