පැතුම් දර්ශන
හොරොව්පොතාන නගරයේ සිට කිලෝ මීටර එකහමාරක් පමණ දුරින් පිහිටි තිරප්පන්කඩවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් ඔහු නගරයේ වෙළඳසැල් ඇතුළු බොහෝ ස්ථානවල සැරිසරා ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබිමත් හේතුවෙන් හොරොව්පොතාන නගරය දැඩි අවදානමකට ලක්වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.
එලෙස අවදානමක් පවතින නගරය දින කිහිපයකට හෝ වසා දැමීමට බලධාරීන් කටයුතු නොකරන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරතිෙ
හොරොව්පොතාන තිරප්පන්කඩවල නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ගනු ලැබුවේ ඉකුත් 24 වන දා ය. ඒ අනුව තිරප්පන්කඩවල සහ ආසන්නයෙ පිහිටි හබගම යන ප්‍රදේශ හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර මේ වන විටත් එම ගම්මාන දෙකෙහි පුද්ගලයන් නවසිය විසිහත්(927) දෙනකු ස්වයං නිරෝධනයට ලක් කොට තිබේ
එම ගම්මාන සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගනු ලැබුවද හොරොව්පොතාන නගරය පිළිබඳව මේ වන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.තිරප්පන්කඩවල ප්‍රදේශයෙන් හමුවූ කොරොනා ආසාධිත නාවික සෙබළා සහ ත්‍රිරිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් හමුවූ කොරොනා ආසාධිත නාවික සෙබලා ඉකුත් දිනවල හොරොව්පතාන නගරයේ බොහෝ ස්ථානවල සැරිසරා ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ. එ අනුව නගරයේ පිහිටි ඖෂධහලක්, බස් නැවතුම්පළ, කොණ්ඩා කපන ස්ථානයක්, ඒ.ටි.එම්. යන්ත්‍රයක්, සහ මත්පැන් අළෙවි සැලක්, යන ස්ථානවල මෙම ආසාදිතයින් ගැවසී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පවසන සෞඛ්‍ය බලධාරීන් හෙළි නොවුණු තවත් බොහෝ ස්ථාන නගරය පුරා ඇති බවටද සැක කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එකදු ක්රොනා රෝගියකු වාර්තා වී නොතිබියදීත් හොරොව්පොතාන නගරය වසා දැමීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ඉකුත් දිනවල කටයුතු කළ බව පවසන ජනතාව අද වන විට මෙතරම් අවදානමක් තිබියදීත් නගරය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්දැයි වග කිවයුතු අංශවලින් වැඩිදුරටත් ප්‍රශ්න කරති.
ජනතාව සිදු කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හොරොව්පෙතාන ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ බලපා ඇති අවදානම තේරුම්ගෙන ප්‍රරාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පොලිස් ස්ථානය, සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව නගරය වසා දැමීම සඳහා අදාල අංශවලින් ලිඛිතව සහ වාචිකව ඉල්ලීම් කොට ඇතත් මෙතෙක් ඒ සඳහා අවසර ලැබි නොමැති බවය.

