හැටන් සිට මීගමුවට ගොස් පැමිණි දෙදෙනකුගේ පවුල් ස්වයං නිරෝධායනයට


(සුදත් එච්. එම්. හේවා)

හැටන් සිට මීගමුවට ගොස් පැමිණි හැටන් නගරයේ ව්‍යාපාරියකු හා ඔහුගේ රියදුරා ඇතුළු ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් 8 දෙනකු  ස්වයං නිරෝධානයට ලක් කිරිමට හැටන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.
 
හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ව්‍යාපාරිකයා ඔහුගේ රියදුරු සමග ඇදිරි නිති බලපත්‍ර ලබා ගෙන අත්‍යවශ්‍ය භාන්ඩ රැගෙන ඒම සදහා අධි ආරක්ෂත කලාපයක් වන මීගමුව ප්‍රදේශයට ගොස් පැමිණිම හේතුවෙන් ඔවුන් මෙසේ ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
 
හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ පදිංචි  ව්‍යාපාරිකයා ඔහුගේ බිරිද හා දරුවන් සිව්දෙනා හා ඔහුගේ රියදුරා ලෙස කටයුතු කළ හැටන් නිවාස මාර්ගයේ පදිංචි එම රියදුරා හා ඔහුගේ බිරිද මෙසේ දින 14කටඑ ස්වයං නිරෝධනයට ලක් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.