සෙනඟ ගැවසීම පාලනයට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 81 වසා දමයි


(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විශාල ජනතාවක් ගැවසීම පාලනය කිරීම සඳහා වෙළෙඳ ව්‍යාපාරිකයන් සිය වෙළඳ සැල් 81 අද( 02) වසා දමා තද බදය  පාලනය කිරීමට සහයෝගය ලබා දී තිබේ.
  
විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථානයේ ගැවසුණු ජනතාව මේ  වන විට ඉතා සීමිත ප්‍රමාණයක් පැමිණ තිබේ.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 144ක් පවතී.
 
 එයින් ව්‍යාපාරික ස්ථාන 81 ක් අද වසා දමා තිබීම නිසා බොහෝ ගොවීන් තම අස්වනු වෙළඳපොලට රැගෙන ඒමෙන් වැළකී තිබේ .
 
ඇතැම් ව්‍යාපාරිකයෝ ගොවිපළවල් වලට ගොස් ගොවීන්ගේ අස්වනු  රැගෙන ඒමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.
 
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද විශාල වශයෙන් පහත වැටී තිබිණි.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෙකු රෝගී තත්ත්වයකට පත්ව සෞඛ්‍ය අංශ විසින් ඔහු අනුරාධපුර රෝහලට යවා පරීක්ෂණ පරික්ෂා කිරීම සඳහා අනුරාධපුර රෝහලට යැවිණි.
 
 ඒ සමඟම ආර්ථික මධ්‍යස්ථානයේ එම වෙළඳසැලට ද මුද්‍රා තැබීමට  සෞඛ්‍ය නිලධාරීන් පියවර ගනු ලැබීය.
 
එම සේවකයාගේ පරික්ෂා කිරීමෙන් අනතුරුව කොරෝනා රෝග තත්ත්වයක් නොමැති බව වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් එම ව්‍යාපාරිකයාට දැනුම්දී වෙළඳසැල නැවත අද(2 ) දින විවෘත කරන ලෙස දැනුම් දුන් බව එම ව්‍යාපාරිකයා පැවසීය.
 
ඒත් සමගම කෙරෝනා  නොමැති බව දැනගත්  මෙම ව්‍යාපාරිකයා සහ මහනුවර ප්‍රදේශයෙන් ආර්ථික මධ්‍යස්ථානය එම වෙළද සැලට පැමිණ ව්‍යාපාරිකයකු  අද(2)  උදෑසන මාධ්‍යවේදීන්ට දැඩි බලපෑම් එල්ල කරමින් කියා සිටියේ තමන්ගේ වෙළඳසැල වසා දැමීම හේතුවෙන් මාධ්‍ය වගකීම භාරගත යුතු බව ය.
 
එමෙන්  තමන්ට ලැබීමට  තිබූ විශාල ආර්ථික  වාසිය නොලැබුණු බවට ද හෙතෙම චෝදනා කරන්නට විය .

සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කිරීම් මාධ්‍ය වාර්තා පළ කිරීම නිසා තමන්ට අපහසුතා රැසකට මුහුණ දුන් බවද හෙතෙම දැඩි ව කියන්න විය.
 
මාධ්‍ය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආර්ථික මධ්‍යස්ථානය විනාශ කළ බවද හෙතෙම තර්ජනය කළේය.මහනුවර ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ වසා දමා තිබුණු වෙළඳ සැලේ හිමිකරු සමඟ එකට සිටි ව්‍යාපාරිකයාද දැඩි ලෙස මාධ්‍ය විවේචනය කරමින් කෑකෝ ගසන්නට විය.