ස්පාඤ්ඤයේ අගමැති බිරිඳට කොරෝනා


ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චිස් මහතාගේ බිරිඳ වන බෙගෝනා ගෝමස් මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
අග්‍රාමාත්‍යවරයාට සමීපව කටයුතු කළ බොහෝදෙනෙකු සම්බන්ධව පරීක්ෂණය කරමින් තිබියදී අග්‍රාමාත්‍ය මන්දිරයේදී මෙම වෛද්‍ය පරීක්ෂණය සිදු කර ඇත.
 
මේ වනවිට ඔවුන් දෙදෙනා ම එහි රැඳී සිටින අතර, සෞඛ්‍ය නිලධාරීහු සෑම විටම පරීක්ෂණ සහ උෂ්ණත්ව නිරීක්ෂණය කරමින් සිටිති.

එම මහත්මියගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතී.
 
 මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසයෙන් 191 දෙනෙකු මියගොස් ඇති අතර රෝගීන් 6,046ක් සිටින බවද වාර්තා වේ.
 
(සීඑන්එන්)