ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට


( දිල්රුක්ෂි ග්‍රේරු) 

ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ  සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඊයේ (29)  සවස වන විට ආසාදිතයින්මේ ගණන 117ක් ලෙස වාර්තා වී තිබිණි.

මේ වන විට තවත් ආසාදිතයින්  තිදෙනකු වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා  වයිරසය අසාදිත වීමෙන් එක් පුද්ගලයකු මිය ගියේය. එමෙන්ම පුද්ගලයින් 11 දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.

අද උදෑසන වන විට කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සැක මත රෝහල්ගතව සිටි සංඛ්‍යාව 117 ක් වුවද දහවල් 12.30 වන විට තවත් තිදෙනකු රෝහල් වලින් පිටව ගොස් තිබිණ. අද දහවල් වන විට කෝවිඩ් - 19 වයිරසය සම්බන්ධයෙන් සැක මත රෝහල් ගතව සිටියේ 114 දෙනකු පමණි.