ශ්‍රී ලංකාවේ 48 වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි


කොරෝනා අසාදිතව අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනකු අද (12) මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි 54 හැවිරිදි අයෙකු සහ මීගොඩ පදිංචි 45 හැවිරිදි  අයෙකි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ  තහවුරු කරයි.