
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනකට වැඩි කාලයක් වසා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි රියදුරු බලපත්‍ර අංශය යලි ජනතාවට විවෘත කෙරිණ.
ජනතාව එක්රැස්වීමේ අවදානම සැලකිල්ලට ගෙන රියදුරු බලපත්‍ර එක්දින සේවය තාවකාලිකව නවතා ඇති බවත් , සාමාන්‍ය සේවය සඳහා ද පැමිණෙන බලපත්‍ර ඉල්ලුම්කරුවන් දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් මගින් දිනයක් සහ නියමිත වෙලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (රියදුරු බලපත්‍ර ) කොමසාරිස් වසන්ත ගුණරත්න මහතා පැවසීය.
අපි දැනට සාමාන්‍ය සේවයත් ක්‍රියාත්මක කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි ඉල්ලුම්කරුවන් සඳහා පමණයි.සෞඛ්‍ය නීතී රීති වලට සම්පුර්ණයෙන්ම අනුගතවෙමින් දිනකට සීමිත ඉල්ලුම්කරුවන් පිරිසකට සේවය සපයන බැවින්, අපහසුතාවයට පත්නොවී කරුණාකර නියමිත වෙලාවක් වෙන්කරගෙන සේවය ලබාගැනීමට පැමිණෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
ඒ වගේම රටේ පවතින වත්මන් වසංගත තත්ත්වය පහව යෑමත් සමගම හැකි විගස එක්දින සේවය ඇතුළු සම්පුර්ණ සේවයම බලපත්‍ර ඉල්ලුම්කරුවන් ට ලබාදීමට අපි සුදානම් වෙලයි ඉන්නේ යැයි කොමසාරිස් ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
ඒ අනුව, විභාග සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දිනයක් හා වේලාවක් ලබාගැනීම සඳහා 070-6354122 ද ප්‍රයෝගික පරීක්ෂණ සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දිනයක් හා වේලාවක් ලබාගැනීම සඳහා 070-6354123 ද නව රියදුරු බලපත්‍ර ලබාගැනීම ,බලපත්‍ර සංශෝධනය කිරීම හෝ බලපත්‍ර සම්බන්ද වෙනත් විමසීම් සඳහා 070-6354124 ද බර සහතික හා වාහන පරීක්ෂා කිරීමට අදාළ විමසීම් සඳහා 070-6354125 ද වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් විමසීමට 070-6354121 යන දුරකථන අංක භාවිතා කල හැක.


