විශේෂ සාකච්ඡාවක් හෙට


(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කර ගැනීම සම්බන්ධයෙන් දැනට මුහුණ දී සිටින අභියෝග වලට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් හෙට (15) පැවැත්වේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.