වත්තල යකඩ කර්මාන්ත ශාලාවක 128කට කොරෝනා


(තිස්ස කොටින්කඩුව)

වත්තල හේකිත්ත ප්‍රදේශයේ ඇති මහපරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක  සේවකයින් පිරිසකට සිදු කළ රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකින්  128 දෙනෙකු කොරෝනා  වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇතැයි  වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසීය.

සේවකයන් 194 කුට මෙම ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර ඇත.

එම රෝගින්ගෙන් 92 නෙකු මෙම කර්මාන්ත ශාලවේ සේවයේ නියුතු ඉන්දියන් ජාතිකයන් බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරයි.

මේ වන විට අදාල කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමීමට කටයුතු යොදා ඇති අතර හදුනාගත් කොරෝනා ආසාදියන් ප්‍රථිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවත් කමිහලේ ඉතිරි සේවකයින් කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනයට කළ බවත්ව ත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඉන්දියාවේ සුප්‍රසිද්ධ සමාගමකට අනුබද්ධිත දිගු කලෙක සිට වත්තල හේකිත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන යන මෙම යකඩ කර්මාන්ත ශාලාවේ සේවකයන් අතරින් බහුතරයක් ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි.