(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකුට සහ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ඇතුලු රැඳවියන් පස් දෙෙනකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බණ්ඩාරගම ,ගම්පොල සහ මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනා ඉකුත් පෙබරවාරි මාසයේ 19 ,20 යනදිනවල බන්ධනාගාරගතවුවෝ වෙති.
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින හික්කඩුව සහ යගිල්ල යන ප්‍රදේශවල පදිංචි රැඳවියන් දෙදෙනාද ඉකුත් පෙබරවාරි මාසයේ බන්ධනාගාර වුවෝ වෙති.
ආසාදිත රැඳවියන් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන යාමට නියමිත බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

