මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුරට තවත් 172 ක්


මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (09) සවස 6.30 වනවිට නව ආසාදිතයන් 172 දෙනෙකු එකතු වී තිබේ.

ඔවුහු සියලු දෙනා පෑලියගොඩ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ වෙති.

මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙහි සිටි ආසාදිතයන් ගණන 10,447 ක් විය. අද හඳුනාගත් පිරිස සමඟ එහි සමස්ත අගය මේ වනවිට 10,619 ක් වී ඇත.