විනීතා එම් ගමගේ
කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි සිටින විගමණික ශ්‍රමිකයන්ගේ අඩුපාඩු සොයාබලා උපකාර කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ ඒ රටවල තානාපති කාර්යාලවලට අනුබද්ධ කම්කරු සුබසාධන නිලධාරින්ට උපදෙස් දී තිබේ.
මේ අනුව ඩුබායි හා උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ට වියලි අාහාර ලබාදීම තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය විසින් මේ වනවිටත් සිදුකර ඇත.
ඒ අනුව එමිරේට්ස්, ඩුබායි. සාජා, රෝයල් කායිමා, අජ්මාන් වැනි ප්‍රදේශවල කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමිම නිසා අපහසුතාවයට පත්ව සිටින ශ්‍රමිකයන් හා නිති විරෝධිව රැදිසිටින ශ්‍රමිකයන්ට වියලි අාහාර ලබාදීම සිදුකර තිබේ.
එවැනි ගැටලුවලට මුහුණ පා සිටින ශ්‍රමිකයන් පිලිබඳව තවදුරටත් සොයා බලන ලෙස කම්කරු සුබසාධන නිලධාරින්ට උපදෙස් දුන් බව කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවැසීය.

