මැතිවරණය ගැන බලය ඇත්තේ කොමිසමටයි


(අජන්ත කුමාර අගලකඩ)

මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දින වකවානු තීරණය කරනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බව ද ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද පැවැති කැබිනට් රැස්වීමේදී සඳහන් කර ඇත.

කොරෝනා වයිරසය පැතිරීයාමත් සමග රට තුළ ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවී තිබේ.