
(මනෝප්‍රිය ගුණසේකර)
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මහමැතිවරණයට අදාළව ඉදිරිපත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් ඡන්ද අපේක්‍ෂකයින්ගේ මැතිවරණ රැස්වීම්, ප්‍රචාරණ කටයුතු සහ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අද (17) අනුමැතිය ලබා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඡන්ද කාලසීමට අදාළව සෞඛ්‍ය රෙගුලාසි වල කෙටුම්පතක්ද ඉදිරිපත් කරමින් කළ අනුමැතිය ඉල්ලීම පිළිබඳව සළකා බැලු නීතීපතිවරයා ඡන්ද අපේක්‍ෂකයින්ගේ මැතිවරණ රැස්වීම්, ප්‍රචාරණ කටයුතු සහ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් අනුමැතිය ලබා දුන් බව නීතීපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
රෙගුලාසි පැණවීමෙන් තොරව නිලධාරීන් හා ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථාන වලට කැඳවීම ගැටළු සහගත බව අවධාරණය කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පසුගිය ජුනි මස 27 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සෞඛ්‍ය රෙගුලාසි පැණවීමේ ගැසට් පත්‍රය නොපමාව නිකුත් කිරීමට පියරව ගන්නැයි ඉල්ලීමක් කොට ඇතැයි දැනුම් දුන් නිශාරා ජයරත්න මෙනවිය ඒ බව දැනුම් දෙමින් පසුගිය 15 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ සළකා බැලු නීතීපතිවරයා එලෙස අනුමැතිය ලබාදී ඇතැයිද පැවසුවාය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඡන්ද කාලසීමට අදාළ සෞඛ්‍ය රෙගුලාසි වල කෙටුම්පතක් 2020 ජුනි මස 27 වැනිදා ඉදිරිපත් කොට ඇතැයිද සෞඛ්‍ය රෙගුලාසි පැණවීමෙන් තොරව නිලධාරීන් හා ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථාන වලට කැඳවීම ගැටළු සහගත බැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සෞඛ්‍ය රෙගුලාසි පැණවීමේ ගැසට් පත්‍රය නොපමාව නිකුත් කිරීමට පියරව ගන්නා ලෙස ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කොට ඇතැයිද කී නිශාරා ජයරත්න මෙනවිය ඒ බව දැනුම් දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතීපතිවරයාගෙන් සෞඛ්‍ය රෙගුලාසි වලට අනුමැතිය ඉල්ලා තිබු බවත් පැවසුවාය.
ඒ සම්බන්ධයෙන් සළකා බැලු නීතීපතිවරයා එම රෙගුලාසි වලට අදාළ කෙටුම්පත ඉදිරිපත් කොට ඇත්තේ ඡන්ද අපේක්‍ෂකයින් සම්බන්ධයෙන් වන මැතිවරණ රැස්වීම්, ප්‍රචාරණ කටයුතු සහ ඔවුන්ගේ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතීපතිවරයා ලිඛිත අනුමැතිය ලබා දී ඇතැයි කී නිශාරා ජයරත්න මෙනවිය ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාටද දැනුම් දුන් බවද පැවසුවාය.

