
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ලේ දී මියගිය රැඳවියන් 9දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය.
තවත් රැදවියන් දෙදෙනකුගේ පී සී ආර් පරීක්ෂණ අද(02) දින සිදු සිදුකිරීමට නියමිතව ඇතැයි අධ්‍යක්ෂවරයා කීය. .
මේ වනවිට රාගම රෝහලේ මළ සිරුරු තැන්පත් කර ඇති අතර ඔවුන්ගේ හඳුනාගැනීමේ ලේඛන ද පිලිස්සීමෙන් විනාශ වී ඇති බවද මේ හේතුවෙන් ඔවුන් කවුදැයි නිශ්චිතව හඳුනා ගැනීම දැඩි අපහසුතාවයක් වී ඇතැයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

