මහනුවර රෝහලේ දි ආසාදිතයෝ නවයක් මරුට


(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු අද දින මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

එසේ මියගොස් ඇති සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්මවූ අය බවද පැවසේ .

වත්තේගම 03 දෙනෙකු , තලාතුඔය 03 දෙනෙකු , කඩුගන්නාව 02 දෙනෙකු හා කෑගල්ල ප්‍රදේශයේ එක් අයකු එසේ මිය ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.