
(තිළිණි ද සිල්වා)
බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව එම ගුවන් තහනම අද (17) බලපැවැත්වෙන පරිදි වහාම ඉවත් කෙරෙන බවද එම අමාත්‍යාංශය අද (17) නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දී ඇති සංචාරක මාර්ගෝපදේශ යටතේ එක්සත් රාජධානියේ සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමකදී සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ දින 14ක නිරෝධායන හා PCR පරීක්ෂණවලට යටත්ව බ්‍රිතාන්‍යයේ සිට මෙරටට සංචාරකයින්ට පැමිණීමට හැකිවන පරිදි පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර ඇති බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් සීඝ්‍රයෙන් බ්‍රිතාන්‍යයේ පැතිර යාමත් සමග ඉකුත් දෙසැම්බර් මාසයේ මැද භාගයේ සිට එරට සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට රජය තීරණය කර තිබුණි.

