බ්‍රිතාන්‍ය අගමැති මියගියහොත් පසුව කරන සැලැස්මක් තිබිලා


‘කොවිඩ්-19’ ආසාදනය වී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හදිසියේ හෝ මියගියහොත් ඉන් පසු කරන්නේ කුමක්දැයි සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කර තිබී ඇතැයි ‘ද සන්’ පුවත්පත වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඒ බව අනාවරණය කළේය.

කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබීය. ඒ පසුගිය අප්‍රේල් මාසයේදීය. වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ස්වයං නිරෝධායනයට ලක්වී සිටි අතර තත්ත්වය නරක අතට හැරීම නිසා හෙතෙම රෝහල් ගත කළේය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය දැඩි සත්කාර ඒකකයට යොමු කළ අතර ඔහු එහි දිනක් ප්‍රතිකාර ලැබීය.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඩවුනින් වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසය පැමිණියේ පසුගිය සතියේ ඉරිදාය. ඔහු සඳුඳා ( 27 ) අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරීය ඇරැඹීය.

‘‘මාව ජීවත් කරවන්න ඔක්සිජන් ලීටර ගණනින් දෙන්න වුණා’’ යැයි සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීවය.

‘‘ඒක හරියට ස්ටාර්ලිගේ මරණ වගේ දෙයක්. මා මියගිය හොත් කරන්නේ කුමක්දැයි සම්බන්ධයෙන් ඔවුන් උපාය කල්පනා කර තිබුණා. ඒ සඳහා සැලැස්මක් ද සකස් කර තිබුණා. ඒ ටික හිතන්න අමාරු, දුෂ්කර දෙයක්. පැරැණි මතකයක්. ඒක මං ප්‍රතික්ෂේප කරන්නේ නැහැ’’ යැයි බොරිස් ජොන්සන් තවදුරටත් පැවැසීය.

අල්ජසීරා

ඡායාරූප – ඒ.එෆ්.පී.

055