බස්නාහිර පළාතේ සිට සෙසු පළාත් වෙත පුද්ගලයන්ට සංචරණය කිරීම වැළැක්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
බස්නාහිර පළාතෙන් කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් හඳුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
අද (11) දිනයේ සිට එළැඹෙන 15 වැනි දා මධ්‍යම රාත්‍රී දක්වා කිසිදු පුද්ගලයකු බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරිම තහනම් කර තිබෙන බව කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

