බගවන්තලාවේ එකම පවුලේ අටකට කොරෝනා


(රංජිත් රාජපක්ෂ)

බගවන්තලාව තොණ්ඩමන්පුර නිවාස සංකිර්ණයේ එකම පවුලේ 08 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පවසයි.

පෙර අසාදිතයා එම පවුලේ ගෘහ මුලිකයා වන අතර, එම අසාදිතයා හෘදයා බාධයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිදු කල ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණ අනුව එම රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

පවුලේ සමාජිකයන් 08 දෙනා ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදුකරන ලද පි.සි.ආර් පරික්ෂණයේ දී බිරිදට සහ  දරුවන්ට සහ ඥාතින්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.