පුත්තලමේ තවත් 21 ක් සහිරා විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම සහිරා ජාතික පාසලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය වෙත අද (01) සවස තවත් 21 දෙනෙකු නිරෝධායනය සඳහා යෙමු කළබව යුද හමුදාව පවසයි.

මෙසේ එක්වු පිරිස පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේදී පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා ඇසුරු කළ පිරිසට සම්බන්ධ පිරිසක් බව කියයි.

අදාල පුද්ගලයා පසුගිය 17 වැනිදින මැලේසිවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉන් පසු කොරෝනා ආසාදිත ලක්ෂණ මතු කිරීමත් සමඟ 26 වැනිදා  පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

මොහු ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ කඩුමයන්කුලම ගම්මානයට පිවිසෙන පිවිසුම් මාර්ග පහක් පොලිස් ආරක්ෂාව යොදා කිසිවකුටත් ඇතුල්වීමට පිටවිමට නොදී සම්පුර්ණයෙන් තහනම් කර තිබුණි.

29 වැනි දින සහිරා ජාතික පාසලේ ආරම්භ කළ නිරෝධායන මධ්‍යස්ථානයට පුද්ගලයින් 69 දෙනෙකු ලියාපදිංචි වී තිබුණ බව යුද හමුදාව කියයි.

එම පිරිසෙන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට 31 දින තහවුරු කර ගෙන තිබූ අතර මොවුන් මුල්ලේරියාව රෝහලට ඊයේ (31) දින මධ්‍යම රාත්‍රීයේ යුද හමුදා ආරක්ෂාව යටතේ පිටත් කළහ.

කෙසේ නමුත් මෙම සිදුවීම සමඟ නැවත කඩුමයන්කුලම පදිංචි පවුල් 3 ක පුද්ගලයින් 21 දෙනෙකු ස්ව කැමැත්තෙන්ම නිරෝධායනයට එක්වී තිබූ බව යුද හමුදාව පවසයි .