පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි


(තරිඳු ජයවර්ධන)

මංමාවත්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ලංකාදීපයට පැවසීය.

මංමාවත්වල යද්දී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බවත්, පොලිසිය ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත් ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන චක්‍රලේඛයක් ද පොලිස් මූලස්ථානයෙන් පොලිසිවලට යොමු කර තිබේ.