පළමු වටයේ ආසාදිතයන් 500 පනී


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 508 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,70,436 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

කොවිඩ් ආසාදිත 12,058 දෙනකු මේ වන විට රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද එහි සඳහන් වේ.

කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 356 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,43,823 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.