චන්ද්‍රෙස්න ගමගේ සහ නුවන් ජයසේකර
ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නෙදර්ලන්ත නෞකාවක සේවකයන් 230 කු රැගත් නෙදර්ලන්ත ගුවන් යානයක් අද( 03)පෙරහුරු 8.20 ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මත්තල ගුවන් තොටුපලේ කළමනාකරු උපුල් කලංසූරිය මහතා පැවසුවේ ගාල්ල වරායේ නවතා ඇති නෞකාවක සේවකයන් හුවමාරු කර ගැනීම සඳහා මෙම ගුවන් යානය පැමිණි බවයි.
මත්තල ගුවන් තොටුපළ මගින් මානුෂික මෙහෙයුමක් වශයෙන් මෙම ක්‍රියාවලිය කළ බවත් මෙම ගුවන් ගමන් සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මෙහිදී අනුගමනය කළ බවත් ගුවන්තොටුපල කළමනාකාර වරයා පැවසීය .
මෙම ගුවන් යානය අද රාත්‍රී 8.30 ට නැවත නෙදර්ලන්තය බලා පිටත් වන බවත් එහිදී ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නෞකාවේ සිටින සේවකයින් පනස් තුන් දෙනෙකු නැවත නෙදර්ලන්තය බලා රැගෙන යාමට නියමිතය.
අද (03)පෙරවරුවේ මත්තල ගුවන් තොටුපලට පැමිණි සියලුම මගින් නිරෝධායනය කොට සෞඛ්‍ය ආරක්ෂිතව පැමිණි බව ද උපුල් කලංසූරිය මහතා වැඩිදුරටත් පැවසීය .

