(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (02) මිය යාමෙන් පසු ඔවුන්ගේ අවසන් කටයුතු අද (03) අලුයම් කාලයේදී අවසන් සිදුකළ බව වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දින මිය යාමෙන් පසුව ඔවුන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කිරීමට මුලතිව් පොලිසියට හා සෞඛ්‍ය නිලධාරීන් වෙතට මළ සිරුරු දෙක භාර දී ඇත.
එම නිලධාරීන් විසින් ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා මුලතිව් කුමරපුරම් සුසාන භූමිය යොදා ගෙන තිබුණද එහි ආදාහනාගාරයක් නොමැති වීමෙන් දර යොදා පිලිස්සීමට පියවර ගෙන තිබුණි.
නමුත් ප්‍රදේශවාසීන් විසින් මියගිය පුද්ගලයින් දෙදෙනාගේ අවසන් කටයුතු කුමරපුරම් සුසාන භූමියේදී සිදු කිරීමට අවස්ථාව ලබාදී නැත.
අනතුරුව මිය ගිය අයගේ පී.සී.ආර් පරික්ෂණයන් අනුව කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට වාර්තා පැමිණීමෙන් පසුව මුලතිව් අධිකරණ නියෝගයකට අනුව පොලිසියේ හා සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ප්‍රදේශවාසී විසින් පදිංචිකරුවන් නොමැති මුලතිව් මුල්ලියාවලෙයි කලෙයික්කාඩු කැලෑබද ප්‍රදේශයේදී දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරුණි.
අදාල මියයාම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විමසීමේදී වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.
“මිය ගිය දෙදෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණයන් අනුව කොරෝනා ආසාදනය නොවී ඇති බවට ඊයේ රාත්‍රීයේ වාර්තාව ලැබුණා. මේ අය කොළඹ ගුණසිංහපුර සිට රැගෙන ගිය අය දෙදෙනෙක්. ස්ථීර පදිංචියක් නැහැ හඳුනාගත් අය නැහැ. ඔවුන් නිරෝධායනය වන විට ලබා දී ඇති තොරතුරුවලට අනුව එක් පුද්ගලයෙක් 83 හැවිරිදි තංගවේලී නැමැති අයෙක් සහ අනෙක් පුද්ගලයා 81 හැවිරිදි පී.ජී. මාර්ටින් නැමැති අයෙක් ලෙස හදුනාගෙන තියෙනවා.‘‘




