(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරෝධායන කටයුතු වෙනුවෙන් කටුනායක සිට වව්නියාව ප්‍රදේශයට ප්‍රවාහනය කර ආපසු එමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් අද අලුයම (14) ඒ9 මාර්ගයේ කැකිරාව හෝරාපොල මංසන්ධියේදී අනතුරට ලක්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ බස් රථයේ රියදුරු පමණක් වන අතර රියදුරුට නින්දයාමෙන් බස්රථය මාරගයෙන් ඉවතට පැන එම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. සිදුව ඇති අනතුරෙන් බස්රථයටත් දුරකතන රැහැන් කණුවකටත් හානි සිදුව තිබේ.
යුද හමුදාවට අයත් අනතුරට පත් එම බස් රථය වව්නියාව පොම්පෙමඩුව ප්‍රදේශයේ පිහිටි කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 36 දෙනෙකුගෙන් යුත් පිරිසක් ප්‍රවාහනය කර ආපසු එමින් තිබීයදී මෙලෙස අනතුරටපත්ව ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කැකිරාව පොලිස් රථවාහන අංශය හා යුද හමුදාව මගින් විමර්ශණ ආරම්භ කර තිබේ. අදාල බස් රථය හා එහි රියදුරු සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදුකර ඇති බැවින් ප්‍රදේශවාසී ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි පොලිසිය කියයි.



