( පුෂ්පකුමාර ජයරත්න )
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍යම ඖෂධයක් වන ඉන්සියුලීන් එන්නතේ හිඟයක් දිවයින පුරා පිහිටි සියළුම රෝහල් වල අැතිවීමෙන් දියවැඩියා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට රෝහල් වලින් රෝගීන්ට නිකුත් කරන මිලිලීටර් 10 ක ප්‍රමාණයෙන් යුත් ඉන්සියුලීන් කුප්පි රජයේ රෝහල්වල පමණක් නොව පෞද්ගලික ඔසුසැල් වලද හිඟව පවතින බවද පැවසේ .
මිලි ලීටර් 10 කින් සමන්විත ඉන්සියුලීන් කුප්පියක් බාහිරින් මිළදී ගැනීමේදී ඒ සඳහා රුපියල් 1200 ක පමණ මුදලක් වැයවන අතර එතරම් මුදලක් වැය කිරීමට නොහැකිව බොහෝ රෝගීන් අසරණව සිටින බව වාර්තා වේ .
රුපියල් 685.00 ක පමණ මිළකින් යුත් මිලිමීටර් 03 ක ප්‍රමාණයකින් යුත් ඉන්සියුලීන් එන්නත පමණක් පෞද්ගලික ඔසුසැල් වල අලෙවියට තිබේ .
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසුවේ මෙම ඉන්සියුලීන් එන්නත සති තුනක පමණ කාලයක සිට හිඟව පවතින බවයි .

